Saturday, July 27, 2024

ලක්ෂ 20ක් දඩ කෑ විහිලුව

රටේ හමුදාව විස්තර කිරීමට භාවිතා කරන සටන් පාඨයක් ලිහිල් ලෙස සඳහන් කරමින් චීන නැගී එන විකට නළුවෙකුගේ කළ විහිලුවක් සම්බන්ධයෙන් චීන බලධාරීන් ඩොලර් මිලියන 2ක දැවැන්ත දඩයක් පනවා ඇත.
මෙලෙස දඩ නියම වී ඇත්තේ ලී හවුෂි නම් විකට නලුවාටයි.
බීජිං සෙන්චරි රඟහලේ පැවති විකට ප්‍රසංගයක් අතරතුර මහජන විමුක්ති හමුදාව (පීඑල්ඒ) හා සම්බන්ධ වචනයක් භාවිතා කිරීමෙන් පසු මෙම දඩය පනවා ඇත.
මෙම සිද්ධියත් සමග, ලී ඔහුගේ සියලුම සංදර්ශන අවලංගු කළ අතර, ඔහු නියෝජනය කරන සමාගම වන Shanghai Xiaoguo Culture Media, සමාව අයැදූ බව සීඑන්එන් වාර්තා කළේය.
විමර්ශන සිදුකළ බීජිං පොලිසිය, නිවේදනය කළේ, ලීගේ ක්‍රියාකලාපය හමුදාවට “බරපතල ලෙස අපහාස” කර ඇති අතර “නරක සමාජ බලපෑමක්” ඇති කර ඇති බවයි.
කොරියානු යුද්ධයේදී චීනයේ භූමිකාව ප්‍රශ්න කළ හිටපු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුට පසුගිය වසරේ මාස හතක සිර දඬුවමක් නියම විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles