Saturday, April 20, 2024

සැහැල්ලු නැති කපු අර්බුදය

පාකිස්තානයේ ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන කපු නිෂ්පාදනය දශක 4ක කාලය තුල අවම අගය මේ වසරේදී වාර්තා කර ඇත.
පෙර වසරට සාපේක්ෂෙව නිෂ්පාදනය සියයට 34කින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව රෙදිපිලි කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැලකිය යුතු ලෙස ආනයනයට බල කෙරී ඇත.
පසුගියදා පාකිස්තානයට බලපෑ ගංවතුර මීට ප්‍රධාන හේතුවක් වන අතර උක් සහ වෙනත් බෝග ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට මේ සඳහා හේතු වී ඇතැයි පැවසේ.
සාමාන්‍ය වාර්ෂික කපු නිෂ්පාදනය රෙදිපිළි කර්මාන්තයේ සැබෑ අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට පහත වැටීමත් සමඟ, පසුගිය දශකය තුළ රෙදිපිළි සහ ඇඟලුම් අපනයන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කෙරුණි.
ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම මෙන්ම දේශීය තන්තු හිඟය හේතුවෙන් වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු මාස අට තුළ රෙදිපිළි අපනයනය තුනෙන් එකකින් පමණ පහත වැටී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles