අල්ලාහ් දෙවියන්ට අපහාස කළැයි පාකිස්ථානයේදී චීන ජාතිකයෙකු සිරගෙට

0
372

වැඩබිමක ඇති වූ බහින්බස්වීමක් අතරතුරදී අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වූ චීන ජාතික ඉංජිනේරුවරයෙක් සිරගත කර ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දාසු හි ජලවිදුලි ව්‍යාපෘතියක් බාරව කටයුතු කරන China Gezhouba Group සමාගමේ ඉංජිනේරුවරයෙක්.
අදාල පැමිණිල්ල සිදු කර තිබුණේ කසළ එක්කිරීමේ නිරත රියදුරන් දෙදෙනෙකු විසින්.
වයඹ දිග පකිස්ථානයේ කොමෙලා නගරයේ වේලි ව්‍යාපෘතියක සේවකයන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පෙළපාලි යාමෙන් පැය කිහිපයකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණි.
චීන කම්කරුවන් සඳහා වූ නේවාසික කඳවුරක ඔහු රඳවා තැබීමට පොලිසිය කටයුතු කළද ඉංජිනේරුවරයාට මරණ තර්ජන කරමින් සිය ගණනකින් යුත් පිරිසක් නේවාසික කඳවුරෙන් පිටත රැස්වී ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසු පොලිසියට පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදු වූ බවද වාර්තා වේ.
පසුව පකිස්ථාන හමුදා හෙලිකොප්ටරයකින් ඔහුව ඇබොටාබාද් වෙත ගුවනින් රැගෙන යාමට පියවර ගැණුනි.
පකිස්ථානයේ මතභේදයට තුඩු දී ඇති දේව අපහාස නීති යටතේ, වරදකරු ව ඕනෑම අයෙකුට මරණ දඬුවම නියම කළ හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here