Friday, May 3, 2024

දේවස්ථානයකට පහර දුන් සැකකරුවන්ට ත්‍රස්ත චෝදනා

ඉස්ලාමාබාද්හි දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර වෙඩි තැබූ සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
පාස්ටර් යුනිස් ජාවෙඩ් විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩු පැවරීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ත්‍රස්ත මර්ධණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
පොලිස් නිලධාරීන් ඩෝන් පුවත්පතට ඇත්තේ සැකකරුවන් ලෙස පුද්ගලයින් තිදෙනෙකු නම් කර ඇති නමුත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමට අනුව, දේවගැතිවරයාගේ දියණිය සහ ඇගේ සහෝදරයා පින්ඩෝරියන් හි පල්ලියකට යමින් සිටියදී පුද්ගලයන් හතර දෙනෙකු බාධා කර ලිංගික අතවර කර ඇත.
පසුව, 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බැතිමතුන් දේවස්ථානය තුළ යාච්ඤා කරමින් සිටියදී ප්‍රහාරයක් එල්ල කර, ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමක් සිදු කර තිබේ.
පොලිසිය එම ස්ථානයට යන විට ප්‍රහාරකයින් පලාගොස් තිබුණු බව පුවත්පත වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles