Friday, April 19, 2024

පාකිස්ථානයේ දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉහළට

බහුවිධ අර්බුද මධ්‍යයේ, පාකිස්තානය තම දරුවන් සාපරාධී ලෙස නොසලකා හැර ඇති අතර එය රට පුරා ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක්වීම ඉහළ යාමට හේතු වී ඇති බව රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත අනාවරණය කරයි.
ඔන්ලයින් ළමා අපචාර අතින් පකිස්ථානය තුන්වන ස්ථානයට පත්ව ඇත.
ස්ත්‍රී දූෂණ සහ වෙනත් අපයෝජන 2022 දී සියයට 33 කින් වැඩි වී තිබේ.
අපයෝජනයට ලක්වන ළමුන්ගෙන් බහුතරය ගැහැණු ළමුන් වේ.
බොහෝ අවදානමට ලක්විය හැකි දරුවන් වයස අවුරුදු 6 සහ 15 වයස් කාණ්ඩවලට අයත් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් ඥාතීන්ට හෝ අසල්වාසීන්ට ගොදුරුවන බව වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත්, අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ගවලට යොමු වීම ඉතා අඩු මට්ටමක පවතින අතර පසුගිය වසර හතර තුළ ඒ සම්බන්ධ නඩු ඇත්තේ 403ක් පමණි.
2018 වසරේ සිට ළමා අපචාර සම්බන්ධ විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 124 දෙනෙකු පමණක් බව සංඛ්‍යාලේඛනවල දැක්වේ.
පකිස්තානයේ මානව හිමිකම් කොමිසම, කළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එවැනි සිදුවීම්වලට සම්බන්ධ සමාජ අපකීර්තිය; සහ පොලිසියේ සාහසික හැසිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles