Saturday, July 27, 2024

පාකිස්තානයේ තවත් අනතුරක්

සින්ද් ආන්ඩුව සහ ආරක්ෂක ආයතන කරච්චි හි පැවති මහජන රැලියකින් පසුව Muttahida Quumi Movement London (MQM-L) මර්දනය තීව්‍ර කිරීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කරච්චියේ කොරංගි ප්‍රදේශයේ පැවති මහජන රැලියෙන් පසු MQM-L සාමාජිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාධ්‍ය වෙත පැවසුවේ MQM-L “රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල” සම්බන්ධ වූ බවයි.

Muttahida Quumi Movement (MQM) නිර්මාතෘ සහ ඔහුගේ පක්ෂයට එරෙහි පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳ කටකතා ප්‍රතික්ෂේප කරමින්, වත්මන් ආන්ඩුව අවධාරණය කළේ රාජ්‍යයේ තීරණය “ආපසු හැරවිය නොහැකි” බවයි.

පාකිස්තාන මාධ්‍ය රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් ප්‍රකාශ කළේ “MQM London සහ එහි නිර්මාතෘට පකිස්ථානයේ ඉඩක් නොමැති අතර, 2015 දී පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳ කටකතා අසත්‍ය” බවයි.

MQM නිර්මාතෘ සහ ඔහුගේ පක්ෂය ප්‍රවර්ධනය කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ගෙන යන බව පෙන්වා දෙමින් පකිස්ථාන රජය ප්‍රකාශ කළේ ‘ජාතික විරෝධීන්ට’ එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තියේ නම්‍යශීලී බවක් නොපෙන්වන බවයි.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ‘අසත්‍ය ප්‍රචාර’ ගෙන යාම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ද රජය තීරණය කර තිබේ.

2015 දී, පකිස්ථාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය ලාහෝර් මහාධිකරණයේ නියෝගයකට අනුව සියලුම විද්‍යුත් මාධ්‍ය හරහා MQM ප්‍රධානියාගේ ප්‍රකාශ සහ පින්තූර විකාශනය කිරීම තහනම් කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles