පොලිස් නිලධාරීන්ට බාධා කරන්න එපා..!

0
448

පොලිස් වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට පොලිස් නිලධාරීන් පිරවුම්හල් වෙත පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට බාධා කිරීමෙන් වළකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිසිය යනු අත්‍යාවශ්‍ය රාජකාරියක් බැවින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගැනීමෙන් වැළකී සිටින ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

විශාල රාජකාරි ප්‍රමාණයක් පොලිස් නිලධාරීන්ට සිදුකිරීමට ඇති බැවින් ඔවුන්ට ගමන් කිරීමට වාහන අත්‍යාවශ්‍ය බවත් එබැවින් පොලිසිය සඳහා ඉන්ධන පිරවුම්හල් වල වෙනම ඉන්ධන ප්‍රමානයක් වෙන් කර ඇති බැවින් ජනතාවට අසාධාරණයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

වෙනත් රජයේ නිලධාරීන්ට මෙන් සවසට විවේක ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි බවත් නිවසේ සිට රාජකාරි කිරීමටද නොහැකි බවත් ඔවු අවධාරණය කරනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පැවසුවද ආයුධ පෙන්වමින් පෝළිම් වල සිටින ජනතාව ත්‍රාස ගැනිවීමද පොලිස් රාජකාරියේ කොටසක්ව ඇති බව පසුගිය දින වල දක්නට ලැබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here