නරඹන්නන්ට සාධාරණයක් ඉටු කරනවා..

0
548

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියක් ජයග්‍රහණය කිරීම මේ මොහොතේ ඉතා වැදගත් බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මේ මොහොතේ පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙනු ඇතියි තමන් විශ්වාස කරන බව දසුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් පත්ව ආ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කිරීම ඉතා පහසු බවත් දසුන් මෙහිදී සඳහන් කළා.

තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් අතර ඇති උනන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ දසුන් කියා සිටියේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තරගාවලිය තුළ හොඳ තරගයක් ලබාදී සාධාරණයක් ඉටු කිරීමට සූදානමින් සිටින බවයි.

ලසිත් මාලිංග පුහුණුකරුවෙකු ලෙස යළි කණ්ඩායමට එක්වීම මේ මොහොතේ ඉතා වැදගත් බවයි දසුන් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here