පාකිස්ථානයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවනතාවයේ වර්ධනයක්

0
270
TO GO WITH AFP STORY BY TRISTAN MCCONNELL (FILES)-- A file photo taken on March 25, 2011 shows Kenyan police officers displaying bags of heroin at the Wilson airport in Nairobi after a heroin drug bust in the coastal town of Mombasa. When a crack unit of Kenyan narco cops raided a Mombasa villa in November, after an eight-month undercover US investigation, it marked a step change in Africa's fight against drug trafficking. The drugs sting was a first in East Africa. AFP PHOTO / TONY KARUMBA

පාකිස්තානයේ බන්ධනාගාරවල රදවා සිටින සිටින රැඳවියන්ගෙන් සියයට 25 ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව මානව හිමිකම් කොමිසමේ වාර්තාව හෙළි කිරීමෙන් පසුව එරට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැඩිවීමේ භයානක තත්ත්වය පැහැදිලි වන බව බලධාරීන් පෙන්වා දී තිබේ.

බොහෝ පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් සමඟ මෙම ගැටලුව රට තුළ ගැඹුරට ව්‍යාප්ත වී ඇති බව අනාවරණය වී ඇත.

ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මියයන පිරිසට වඩා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී මියයන පිරිස වැඩි බවත් එරට වාර්තා පවසයි.

සිවිල් සමාජය සහ ජාත්‍යන්තර සංවිධාන පාකිස්තානයේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ඉතා කනස්සල්ලට කරුණක් ලෙස හඳුන්වන අතර වහාම එය වැළැක්වීමේ පියවරයන් සොයමින් සිටියි.

එහෙත්, පකිස්තානයේ නායකයන් සහ නිලධාරීන් උවදුර පාලනය කිරීමට අසමත් වී ඇති අතර හෙරොයින් සහ කොකේන් වැනි සැර මත්ද්‍රව්‍ය සහ හෂීස් සහ චරස් වැනි වෙනත් මත්ද්‍රව්‍ය එරට තුළ බහුලව භාවිතා වේ.

මීට පෙර, මත්ද්‍රව්‍ය ප්‍රශ්නය සාමාන්‍යයෙන් හඳුනාගෙන ඇත්තේ දුප්පත්, නිවාස නොමැති මිනිසුන් අතර වුවත් දැන් එය ඉහළ මධ්‍යම පංතිය දක්වා වර්ධනය වී ඇති බව පැවසේ.

ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා කිසිදු පියවරක් නොගැනීම නිසා තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් ඇති අතර එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයට (UNODC) අනුව, 2013 දී පාකිස්ථානයේ මිලියන 7.6 ක ජනතාවක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here