Saturday, January 11, 2025

යුරෝපා සංගමය ගෑස් සොයා මධ්‍යම ආසියාවට එයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුරෝපා සංගමය සහ අනෙකුත් බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම හේතුවෙන්, එම රටවල් ගෑස් ලබා ගැනීම සඳහා විකල්පයක් ලෙස මධ්‍යම ආසියානු රටවල් වෙත යොමු වෙමින් ඇතැයි වාර්තා වේ.

යුරෝපා සංගමයේ බලශක්ති ව්‍යුහය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක අතර, රුසියානු නොවන ප්‍රභවයන්ගෙන් ස්වාභාවික ගෑස් ආනයනය වැඩි කිරීම, රුසියානු නොවන ද්‍රව ස්වභාවික වායු (LNG) ආනයනය වැඩි දියුණු කිරීම සහ ජෛව බලශක්තිය වර්ධනය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව ජෛව බලශක්තිය වර්ධනය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ගැනීමේ අරමුණින්, යුරෝපා සංගම් රටවල් මධ්‍යම ආසියානු රටවල් දෙසට යොමු වී තිබේ.

යුරෝපයට ගෑස් සැපයීම සඳහා ඔවුන්ගේ මූලික තේරීම ටර්ක්මෙනිස්තානය බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles