Thursday, May 9, 2024

චීනයෙන් නිරීක්ෂණ කැමරා උපකරණ මිලදී ගැනීම ගැන බ්‍රිතාන්‍යයේ ආන්දෝලනයක්

චීනයේ Hangzhou Hikvision නම් ඩිජිටල් තාක්‍ෂණ ආයතනයෙන් බ්‍රිතාන්‍ය රජය සඳහා නිරීක්ෂණ කැමරා මිලදී ගැනීම පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ CCTV කැමරා භාවිතය අධීක්‍ෂණය කරන ස්වාධීන ආයතනයක් විසින් එරට ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

බි‍්‍රතාන්‍යයේ නිරීක්ෂණ කැමරා පිළිබඳ කොමසාරිස් ෆ්‍රේසර් සැම්ප්සන් පැවසුවේ ඔවුන් චීන රාජ්‍ය අනුග්‍රහය ලබන Hikvision වෙතින් උපකරණ මිලදී ගැනීම දිගටම සිදු කරන්නේ දැයි දැන ගැනීම සදහා තමන් කැබිනට් කාර්යාලයෙන් මෙන්ම බ්‍රිතාන්‍යයේ පළාත් පාලන අමාත්‍යවරයාගෙන් ද ලිඛිතව විමසා ඇති බවයි.

මෙම ලිපිය යවා ඇත්තේ ප්‍රසම්පාදන සමාලෝචනයක දී මතු වූ ආචාර ධර්ම ගැටළු හේතුවෙන් සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් Hikvision ආයතනයෙන් නව උපකරණ මිලදී ගැනීම් තහනම් කර ඇති බවට පසුගියදා The Telegraph හි පල වූ වාර්තාවකට අනුවය.

චීනයේ බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා Hikvision සමාගමේ සම්බන්ධය පිළිබඳ එල්ල වන බරපතල ප්‍රශ්න සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරු ලැබී නැති බවද සැම්ප්සන් නිවේදනයක් මගින් සදහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles