යුරෝපීය සිනමා උළෙල ඇරඹෙයි….

0
744

යුරෝපීය සිනමා අත්දැකීම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් හමුවට ගෙනඒමේ අරමුණින් දහවැනි වරටත් සංවිධාන කෙරෙන යුරෝපීය සිනමා උළෙල 2023 මෙවරත් කොළඹදී පැවැත්වෙනවා.

අෙගා්ස්තු මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා උළෙල පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබෙනවා. තානාපති කාර්යාල, යුරෝපීය සංස්කෘතික ආයතන ආදී ආයතන රැසක සහයෝගයෙන් මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙනවා. මෙවරත් Agenda 14 සිනමා උළෙලේ සියලු සම්බන්ධිකරණ කටයුතු සිදු කරනවා.

දින පහක් පුරා යුරෝපීය සිනමාපට රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසන මෙම සිනමා උළෙල 13 වැනි වරටයි මෙවර පවත්වන්නේ.

සම්මානිත සිනමාවේදිනියක වන අනෝමා රාජකරුණා මහත්මිය ප්‍රමුඛ සංවිධාන කමිටුව විසින් සිනමා ලැදි ඔබට මෙහි පැමිණ නරඹන ලෙස ආරාධනා කරනවා.

මෙහි සියලු දර්ශන වාරයන් නොමිලයේ පවත්වන අතර ඉතාලි, ප්‍රන්ස, ජර්මනිය, ස්ලෝවැකියාව, ඉරාකය, උක්රෙයිනය, ඩෙන්මාර්කය වැනි රටවල් රාශියක සම්මානිත සිනමා කෘති මෙහි ප්‍රදර්ශනය කරනු ලබනවා.

මෙහි දර්ශනවාර කාලසටහන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here