මාර්තු මාසයේ මෙරට නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.93 ක් දක්වා අඩු වී තිබෙනවා. ඒ, එම අගය වාර්තා වන්නේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 1.72 ක් සහ රන් සංචිත ඩොලර් මිලියන 29 ක් වශයෙන්. කෙසේ වෙතත්, පෙබරවාරි මාසයේ මෙරට සංචිත ඩොලර් බිලියන 2.3 ක් ලෙස දැක්වුණා.
එහිදී මුදල් සංචිත (Foreign Reserves) ඩොලර් බිලියන 2.02 ක් සහ රන් සංචිත ඩොලර් මිලියන 98 ක් එම සංචිතවලට ඇතුළත් වුණු බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. ඒ අනුව නිල සංචිත වත්කම් 16.1% කින් පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී පහත වැටී තිබෙනවා.




