Saturday, July 27, 2024

ඇනවුම ලැබෙන තෙක් පුහුණු වෙන්නත් ප්‍රංශයෙන් ගුවන් යානා

ඉන්දියාව විසින් ඇනවුම් කරන ලද රෆාල් මැරීන් ගුවන් යාන 26 ලැබෙන තුරු ප්‍රංශ නාවික හමුදාව සතු යානා 4ක් පුහුණු කටයුතු සඳහා ඉන්දීය නාවික හමුදාවට ලබා දීමට ප්‍රංශය කැමත්ත පළ කර තිබේ.

ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් ANI වාර්තා කළේ ගිවිසුම අත්සන් කර මාස 6ක් තුළ අදාල ගුවන් යානා ලැබෙන බවය.

එමෙන්ම ඉන්දියාව ඇනවුම් කළ පළමු ගුවන් යානය නාවික හමුදාව වෙත ලැබෙනු ඇත්තේ ගිවිසුම අත්සන් කර මාස 36කට පසුව බවයි ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වුණේ.

තනි ආසන ගුවන් යානා 22 ක් සහ ද්විත්ව ආසන ජෙට් යානා 4 ක් ඇතුළුව රෆාල් මැරීන් ගුවන් යානා 26 ක් සඳහා වන ගනුදෙනුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇත.

පුහුණුවීම් සහ මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දියානු නාවික හමුදාවට තමන්ගේම ගුවන් යානා සැලකිය යුතු ප්‍රමාණයක් ලැබුණු පසු ප්‍රංශ නාවික හමුදාවේ ගුවන් යානා නැවත ප්‍රංශය වෙත ලබා දෙනු ඇත.

මේ අතර රෆාල් ප්‍රංශ නිෂ්පාදකයින් TATA සමූහය වැනි ප්‍රධාන ඉන්දියානු සමාගම් සහ රට පුරා මධ්‍ය හා කුඩා ව්‍යවසායන් කිහිපයක් ආරක්ෂක අංශයේ ‘Make-in-India’ ප්‍රවර්ධනය කිරීම සඳහා සම්බන්ධ කර ගැනීමට ද අපේක්ෂා කරන බව මූලාශ්‍ර ANI වෙත පවසා තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles