Saturday, July 27, 2024

ඇමෙරිකාවෙන් ලැබෙන ඉන්දියාවෙන් සොරකම් කළ කෞතුක භාණ්ඩ

ඉදිරි මාස 3 සිට 6 දක්වා කාලය තුළ එක්සත් ජනපදය විසින් කෞතුක භාණ්ඩ 150 කට ආසන්න ප්‍රමාණයක් ආපසු ලබා දීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ගෝවින්ද් මෝහන්, තුන්වන G20 සංස්කෘතික ක්‍රියාකාරී කණ්ඩායම් (CWG) රැස්වීමේදී මේ බව අනාවරණය කළේය.

තුන්වන G20 Culture Group (CWG) රැස්වීම කර්නාටක ප්‍රාන්තයේ හම්පි හිදී පැවැත්වුණි.

G20 සාමාජිකයින්, ආරාධිත රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගී විය.

“සංස්කෘතික දේපළ ආරක්‍ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම” යන තේමාව යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණි.

සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ගෝවින්ද් මෝහන් පැවසුවේ, 1970 යුනෙස්කෝ සම්මුතිය යටත්විජිත කොල්ලය හේතුවෙන් එහි රැගෙන ගිය හෝ සොරකම් කරන ලද වෙනත් රටවලට අයත් පුරාවස්තු ස්වේච්ඡාවෙන් ආපසු භාර දෙන ලෙස අත්සන් තැබූ පාර්ශ්වයන්ට දැනුම් දී ඇති බවයි.

මෙම රැස්වීම්වල උත්සාහය සියලුම ජී 20 රටවල් එම සම්මුතියේ පාර්ශ්වකරුවන් බවට පත් කිරීම බවත් එමගින් ඉන්දියාවට ප්‍රතිලාභ ලැබෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමේ ඉන්දියාවේ උත්සාහය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයේදී කළ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles