තිරසාර සංවර්ධනය වෙනුවෙන් ජර්මනිය සහ ඉන්දියාව අතර එකගතාවයක්

0
481

ඉන්දියාව සහ ජර්මනිය අතර හරිත හා තිරසාර සංවර්ධනය සඳහා වූ ගිවිසුම තවදුරටත් පුලුල් කොට පවත්වාගෙන යාමට එකගතාවයක් ඇති කොටගෙන තිබේ.

මේ යටතේ, ඉන්දියාවේ හරිත වර්ධන සැලසුම්වලට සහාය වීම සඳහා 2030 දක්වා යුරෝ බිලියන 10 ක අතිරේක සංවර්ධන ආධාර සැපයීමට ජර්මනිය තීරණය කර ඇත.

මැයි 2 සඳුදා දෙරට අතර අත්සන් කරන ලද හරිත හා තිරසාර සංවර්ධන හවුල්කාරිත්වය පිළිබඳ ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශනය යටතේ මෙම ආධාර ඉන්දියාවට ලබා දෙනු ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් අතර පසුගියදා ජර්මනියේ දී සිදුවූ හමුව අතරතුර මීට අදාළ මූලික කටයුතු සිදුකෙරිණ.

සාධාරණ බලශක්ති සංක්‍රාන්තියක් සඳහා පහසුකම් සැලසීම සඳහා ඉන්දු-ජර්මානු පුනර්ජනනීය බලශක්ති හවුල්කාරිත්වයක් ඇති කිරීමට ද එම ප්‍රකාශනයේ දී දෙරට එකඟ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here