Thursday, May 2, 2024

චීනය ගැන ජර්මානු පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

චීනයේ ෂින්ජියැන්ග් හි උයිගුර් ප්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චීනයට පීඩනයක් ඇති කිරීමේ උත්සාහයක් ලෙස, ජර්මානු පාර්ලිමේන්තුව උයිගුර්වරුන්ගේ තත්වය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වේ.

එහිදී චීනයේ උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ උයිගුර්වරුන්ගේ පිරිහෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

චීනයේ සුලුජනවාර්ගිකයන්ට එරෙහිව සිදුවන වධහිංසා පැමිණවීම්, ආගමික සීමා කිරීම්, බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

ජර්මානු පාර්ලිමේන්තුවේ උයිගුර්වරුන් පිළිබඳ සාකච්ඡාව චීනයට දැවැන්ත පීඩනයක් ඇති කළ හැකි බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

උයිගුර් මුස්ලිම්වරුන් සමූහ රැඳවුම් කඳවුරුවලට යවා ඔවුන්ගේ ආගමික කටයුතුවලට මැදිහත් වෙමින් ඔවුන් මර්දනය කිරීම සම්බන්ධයෙන් චීනයට ගෝලීය වශයෙන් මේ වනවිටත් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles