Wednesday, May 15, 2024

පළමු ගෝලීය බෞද්ධ සමුලුව ඉන්දියාවේදී

ගෝලීය බෞද්ධ සමුළුව බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශයන් තවදුරටත් ප්‍රචලිත කිරීමට ක්‍රියා කළ පුද්ගලයින් එක් කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
පළමු ගෝලීය බෞද්ධ සමුලුව දෙදිනක් පුරා නවදිල්ලියේ දී පැවැත්වුණි.
ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සහයෝගය ඇතිව මෙම දෙදින සමුළුව සංවිධාන කළේය.
යුද්ධය, ආර්ථික අර්බුදය, ත්‍රස්තවාදය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සමස්ත ලෝකයම සියවසේ වඩාත්ම අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටින බවත්, මෙම සියලු සමකාලීන ගෝලීය අභියෝගවලට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් විසඳුම් ලබා ගත හැකි බවත් සමුලුවේ සමාරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය.
අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් පැවසුවේ බුදුන් වහන්සේ දේශනා කළේ සදාකාලික සාමය සඳහා යුද්ධය, පරාජය සහ ජයග්‍රහණය අත්හැරිය යුතු බවයි.
බුදු රජාණන් වහන්සේ ද යුද්ධයෙන් ජය ගන්නා මාර්ගය වදාරා ඇත. බුදුරජාණන් වහන්සේ වදාලේ: නහී වේරේන වේරානී – සම්මන්තීධ කුදාචනං – අවේරේනච සම්පත්තී – ඒස ධම්මෝ සනන්තනෝ….. එනම් සතුරුකම සතුරුකමෙන් සංසිඳුවන්නේ නැත. සතුරුකම සංසිඳෙන්නේ හිතවත්කමෙනි.” සම්බුද්ධ දේශනාවන් උපුටා දක්වමින් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා කළ කතාව සමුලුවට එක් වූ බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හා බුහුමනට ලක් වුණා.
කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව සහ මෙක්සිකෝව වැනි රටවලින් විදේශීය නියෝජිතයන් 170ක් පමණ සහභාගී වන අතර, වියට්නාමය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුව සඳහා විශාල නියෝජිත පිරිසක් සහභාගී වනවා.
ගෝලීය බෞද්ධ සමුළුවේ තේමාව වන්නේ “සමකාලීන අභියෝගවලට ප්‍රතිචාර: දර්ශනය ප්‍රායෝගිකව” යන්නයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles