ඩීසල් ගැන සතුටු ආරංචියක්….

0
387

ජුනි මස 16 වැනිදා තවත් ඩීසල් තොගයක් දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම නැව් තොග ශ්‍රී ලංකා වෙරළට පැමිණීමට පෙර තවත් යාත්‍රා දෙකක් ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ඩීසල් සහ පෙට්‍රල් තොග දෙකට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට අද (07) පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

තවත් බොරතෙල් තොගයක් සඳහා ඇණවුමක් ලබා දී ඇති බවත්, දැනට පවතින බොරතෙල් තොග සති දෙකක කාලයක් පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here