Wednesday, May 8, 2024

ගූගල් වෙතින් චීනයට කප්පාදුවක්

ගූගල් (Google) සමාගම විසින් YouTube, Blogger සහ AdSense වැනි විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා පසුගිය වසරේ ක්‍රියාත්මක වූ චීනයට හිතවත් ප්‍රචාරක ගිණුම් 50,000කට වඩා අවහිර කර ඇත.

Google ඔවුන්ගේ බ්ලොග් අඩවියේ තොරතුරු බෙදා ගනිමින් සඳහන් කර ඇත්තේ, ‘ස්පාමොප්ලීජ් ඩ්‍රැගන්’ සහ ‘ඩ්‍රැගන්බ්‍රිජ් ‘ යන කණ්ඩායම්වලට අයත් ගිණුම් මෙලෙස අවහිර කර ඇති බවයි.

මෙම කණ්ඩායම්වලට දැඩිව චීනයට ගැති අදහස් පවතින අතර, එක්සත් ජනපදය විවේචනය කරන ඉහළ අන්තර්ගතයන් ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණයට ඇතුළත් වී තිබෙන බව පැවසේ.

නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසුව, මෙම ගිණුම් හිටපු ධවල මන්දිර කථානායකවරිය වෙත ඉලක්ක කර ඇති අතර, ‘ඩ්‍රැගන්බ්‍රිජ් ‘ කණ්ඩායම බොහෝ දුරට මැන්ඩරින්, ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවලින් එක්සත් ජනපදය ඉලක්ක කර විවේචන ඉදිරිපත් කර ඇත.

ඩ්‍රැගන්බ්‍රිජ් යනු චීනයට ගැති, එක්සත් ජනපද විරෝධී කණ්ඩායමක් වන අතර, ඔවුන් 2022 ඇමරිකානු මැතිවරණයට මැදිහත් වීමට උත්සාහ දරා ඇති බව ආනාවරණය වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles