GSP+ මැයි මාසයේ

0
634

වසර 7කට අධික කාලයක් තිස්සේ අහිමිව පැවැති ජි.එස්.පි. ප්ලස් බදු සහනය මෙම වසරේ මැයි මාසයේ දී යළි ශ්‍රී ලංකාවට හිමිවේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ යහපාලන ජාතික රජයට ජාත්‍යන්තර වශයෙන් හිමි වූ සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ජි.එස්.පි. ප්ලස් බදු සහනය මැයි මාසයේ දී ලබා ගැනීම සඳහා සාකච්ඡා ‍පැවැත්වීමට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් ඇති අතර

අමාත්‍යවරයා එහිදි පැවැත් වූ සාකච්ඡා අනුව මැයි මාසයේදි ජි.එස්.පි. ප්ලස් බදු සහනය යලි ශ්‍රී ලංකාවට දෙන බව යුරෝපා සංගමය නිල වශයෙන් දැනුම් දී ඇත.

ජි.එස්.පි ප්ලස් බදු සහනය හිමි වීමෙන් පසු මිලියන 30ක පමණ වෙළෙඳපොලක් ශ්‍රී ලංකාව වෙත හිමිවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here