Monday, May 6, 2024

පාකිස්තානයේ වේගයෙන් පැතිරෙන හෙපටයිටිස්

පාකිස්තානයේ සෑම පවුලකම අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෙපටයිටිස් බී සහ සී වෛරස් වලින් පෙළෙනු ඇතැයි අපේක්ෂා කරන අතර රෝගය ජය ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග අවශ්‍ය බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළේය.
ලොව පුරා මිලියන 328 ක ජනතාවක් විවිධ වර්ගයේ හෙපටයිටිස් රෝගයෙන් පෙළෙන බවත් සෑම වසරකම මිලියන 17.5 ක හෙපටයිටිස් සී රෝගීන් අලුතින් මතු වන බවත් පැවසේ.
ලෝකයේ හෙපටයිටිස් සී රෝගයෙන් පීඩාවට පත් තුන්වන විශාලතම රට පාකිස්තානය බව වෛද්‍ය විශේෂඥයන් අවධාරණය කළ බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළේය.
2015 වසරේදී හෙපටයිටිස් රෝගය හේතුවෙන් ලොව පුරා මරණ මිලියන 13.40ක් සිදුව ඇති බවත් මෙම සංඛ්‍යා බැරෑරුම් ලෙස සැලකිය යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
පාකිස්තානයේ මිලියන 1.5 කට අධික ජනතාවක් හෙපටයිටිස් රෝගයට ගොදුරු වී ඇත.
හෙපටයිටිස් බී සහ සී අතිශයින් මාරාන්තික වෛරස් වේ.
රෝගය පිළිබඳව දැනුවත් කිරීමත් සමඟම හෙපටයිටිස් බී සහ සී පිළිබඳ පරිච්ඡේදයක් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ද වැදගත් බව පාකිස්තාන සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, හෙපටයිටිස් සී වසංගතයෙන් පෙළෙන ලොව මිලියන 71 ක ජනතාවගෙන් සියයට 10ක් වාර්තා වන්නේ පාකිස්තානයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles