Friday, April 26, 2024

පිටි පෝලිමේ තෙරපී මියයන පාකිස්තානුවෝ

දැඩි අර්ථික අර්බුදයකට ලක්ව තිබෙන පාකිස්තානයේ ජනතාව රාමසාන් සමයේදී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර, අඩු මිලට තිරිඟු පිටි සඳහා දිගු පෝලිම්වල තෙරපීමකින් පුද්ගලයින් පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් වාර්තාවට අනුව පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර මිලියන ගණනක් තිරිඟු පිටි මිටක් නොමැතිව නැවත සිය නිවෙස් කරා පැමිණෙමින් සිටිති.
තිරිඟු සඳහා පෝලිම්වල සිටි මිනිසුන්ට පොලිසිය විසින් පහර දෙන දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
ඉහළ යන උද්ධමනය තිරිඟු පිටි අර්බුදය තවත් ඛේදනීය කර ඇත.
සමෝසා, පකෝරා වැනි සාමාන්‍ය කෙටි ආහාරවල මිල කොතරම් ඉහළද යත්, උපවාසයෙන් පසු බඩ පුරවා ගැනීමට ඒවා මත විශ්වාසය තැබූ දුප්පත් මිනිසුන්ට කඩවල ඉතුරු වන ආහාරවලින් සැනසීමට සිදුව ඇතැයි පුවත් වාර්තාවේ දැක්වේ.
සෑම දිනකම මිලියන සංඛ්‍යාත ජනතාවක් රජයේ වෙළඳසැල් අසළ පෝලිම් ගැසුණද සහනාධාර තිරිඟු කළු කඩ හිමියන් අධික මිලකට විකුණනු ලබන අතර ධනවතුන් විසින් විශාල වශයෙන් මිල දී ගන්නා බව පාකිස්තාන හමුදා නිරීක්ෂණ වාර්තාවක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles