HIV රෝගීන් වැඩිවෙයි – දැනුවත් කිරීමට වෙබ් අඩවියක්

0
302

කොවිඩ් වසංගතය පහව යාමත් සමග HIV රෝගීන්ගේ වැඩි වර්ධනයක් පෙන්නුම් කිරීමේ අවදානමක් පැවතිය හැකි බව HIV ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරනවා. කොවිඩ් වසංගතයත් සමග නිවසට කොටු වූ තරුණ පිරිස අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කිරීම හා එමගින් විවිධ ලිංගික චර්යාවන්ට යොමුවීම වැඩිවී තිබෙන බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ඇය සඳහන් කළේය.

එමෙන්ම ලිංගික සායනයන් වෙත නොපැමිණීම හේතුවෙන් හා නිරෝධායන කාලයේ සායනයන්ට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් බොහෝ පිරිසක් මේ වන විට සමාජයේ සිටිය හැකි බවද වෛද්‍ය රසාංජලී මහත්මිය සඳහන් කරනවා.

‘Know4shuwar’ වෙබ් පිටුව වෙත පැමිණීමෙන් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් දැනුවත් වීම හා තමන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගත හැකි බව ඇය පවසනවා.

එම වෙබ් පිටුවට මෙතැනින් පිවිසිය හැකියි… https://know4sure.lk/
(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here