Sunday, May 5, 2024

පාරිභෝගික අධිකාරියේ ගිවිසුම් නිසා තවත් භාණ්ඩ ගණනාවක මිළ ඉහල යාමේ අවදානමක් !

පාරිභෝගික සේවා අධිකාරිය සමාගම් කිහිපයක් සමග අත්සන් තැබීමට සුදානම් වන ගිවිසුම් මාළාව ඔස්සේ මෙරට භාණ්ඩ වර්ග ගණනාවක මිළ ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

මිළ ඉහල නැංවිමට නොහැකි වන පරිදි වගන්ති අදාල ගිවිසුම්වල අන්තර්ගත වුවද වසංගත තත්වයකදී එම වගන්ති බලාත්මක නොවන සේ සංශෝධන එක්කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සැබෑ ගැටළු යටපත් කිරීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකරන බවටද සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කළා.

Newsradio.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles