සුලුතර ප්‍රජාවන්ට සිදුවන හිරිහැර ගැන පාකිස්තාන මානව හිමිකම් කොමිසමේ අවධානය

0
318

මෑතක දී Eid-ul-Azha තුළ චාරිත්‍රානුකූලව පුද පූජා පැවැත්වීම සම්බන්ධයෙන් අන්‍ය ආගමිකයන්ට නඩු පැවරීම පකිස්තානයේ මානව හිමිකම් කොමිසම දැඩිව හෙළා දැක ඇත.
අදාළ නඩු පැවරීම වෙනත් ආගමික ප්‍රජාවකට හිරිහැර කිරීමක් බව මානව හිමිකම් කොමිසම පවසයි.
කිසිදු ප්‍රගතිශීලී සමාජයකට මේ ආකාරයෙන් කිසියම් පිරිසකගේ උවමනාවට තවත් පාර්ශ්වයක් ප්‍රාණ ඇපයට තබා ගැනීමට නොහැකි බව මානව හිමිකම් කොමිසම චෝදනා කළේය.
එවැනි හිරිහැර කිරීම් පාකිස්තානයේ පුරවැසියන් ලෙස සියලුම ආගමික සුළුතරයන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන 2022 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කරන බව කොමිසම පැවසීය.
එවැනි සියලුම නඩු වහාම අවලංගු කළ යුතු බව පාකිස්තාන මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here