ICC ය අමුතු ක්‍රිකට් තහනමක් පණවයි! ජාතික කණ්ඩායමට ක්‍රිකට් ගහන්න පුළුවන්

0
2150

2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව ESPN මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රික්බස් වෙබ් අඩවිය පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවක් මේ වනවිට අහමදාබාද් හිදී පැවැත්වෙයි.
එහිදී තිරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ කිසිදු තරගාවලියක් නොපැවැත්වෙන මුත්, ක්‍රිකට් සඳහා කරන ආයෝජනයන් දිගටම සිදුකරන බවයි. ඊට අමතරව මෙරට ක්‍රීඩකයන්ට සුපුරුදු පරිදි ක්‍රීඩා කළ හැකි අතර ඔවුන්ට සීමා පැණවෙනු ඇති. සියලු මුදල් පාලනයක් යටතේ ලබා දෙන අතර පරිපාලන ගැටලු විසඳාගන්නා තෙක් මේ තහනම බලපැවැත්වෙනු ඇති.