රටක් ලෙස කටයුතු කරන්නැයි IMF පාකිස්තානයට කියයි

0
379

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවශ්‍ය වන භයානක තැනකට පැමිණීමට කටයුතු නොකිරීමට සහ රටක් ලෙස ක්‍රියා කිරීමට හැකි වන පරිදි පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පාකිස්තානයෙන් ඉල්ලා ඇති බව IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අවධාරණය කර තිබේ.

ඇය පවසා ඇත්තේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ හොඳින් මුදල් උපයන අය ආර්ථිකයට දායක කර ගැනීම සඳහා, ඔවුන්ගෙන් බදු ආදායම් ඉහළ නංවා ගැනීමට පියවර ගතයුතු බවයි.

එසේම, සහනාධාර අවශ්‍ය නොවන පුද්ගලයින්ගෙන් ඉවත් කර වටිනා සම්පත් සාධාරණ ලෙස බෙදා හැරිය යුතු බවද ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පෙන්වාදී ඇත.

තමන්ට අවශ්‍ය පාකිස්තානයේ දුප්පත් ජනතාව ආරක්‍ෂා කිරීම බව ඇය වැඩිදුරටත් පැවසු බව වාර්තා සඳහන් කරයි.

මේ අතර IMF වෙතින් තීරනාත්මක ණය පහසුකම ලබාගැනීම සඳහා වන කොන්දේසියක් සපුරාලීම සඳහාපාකිස්ථානය පසුගිය සතියේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 272 දක්වා ඉහළ දමනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here