සටන්කාමීන් ඉහළයාම ගැන ඉම්රාන්ගෙන් පකිස්තාන රජයට දොස්

0
402

පාකිස්තානයේ කඳුකර නිම්න ප්‍රදේශයක් වන ස්වාට්හි සටන්කාමීන් වර්ධනය වීම සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට රජයට දොස් පවරා තිබේ.

දේශසීමා තම පාලනය යටතේ පවත්වා ගැනීමත්, ත්‍රස්තවාදීන් රට තුළට ඇතුළු වීම වැළැක්වීම රජයේ වගකීම බවත් ඔහු පවසා ඇත.

මේ අතර ඉම්රාන් ඛාන් බ්‍රහස්පතින්දා කියා සිටියේ ජාතික සංහිඳියා ආඥාපනත නම් නීතිය හරහා ආණ්ඩුව විසින් ගැටලු රැසක් මතු කර ඇති බවයි.

ඉදිරි අතුරු මැතිවරණය හුදෙක් මැතිවරණ පමණක් නොව ජිහාඩ් යුද්ධයක් බවත් ජාතික සභාවෙන් සමූහ වශයෙන් ඉල්ලා අස්වීමට පක්ෂය ගත් තීරණයෙන් පසු හිස් වූ ආසනවල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයේ පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම එහිදී පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here