Saturday, April 27, 2024

යේමනයේ සටන් විරාමය දීර්ඝ නොකිරීම ගැන ඉන්දියාවේ කණස්සල්ල

යේමනයේ සටන් විරාමය දීර්ඝ කිරීමට රටේ පාර්ශ්ව එකඟ නොවීම ගැන යේමනයේ එක්සත්කම සඳහා දැඩි කැපවීමකින් සහ රටේ ජනතාවට නොසැලෙන සහයෝගයක් ලබාදනෙ පාර්ශවයක් ලෙස තමන් දැඩි කලකිරීමකට පත්වන බව ඉන්දියාව පවසයි.

යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජය සහ ඉරානයේ සහාය ලබන හවුති කැරලිකරුවන් අතර සටන් විරාමයක් ඔක්තෝබර් 2 වැනිදා අවසන් විය.

යේමනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් පැවසුවේ, සටන් විරාමය දීර්ඝ කිරීමට සහ ව්‍යාප්ත කිරීමට එම පාර්ශවයන් එකඟ වී නොමැති බව දැනගැනීමෙන් ඉන්දියාව දැඩි කලකිරීමට පත්වූ බවයි.

ගැටුමට ඇති එකම තිරසාර විසඳුම, සියලු යේමන වැසියන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන සහ ඔවුන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන් සපුරාලන සාමකාමී, යේමන නායකත්වයෙන් යුත් සහ යේමනයට අයත් දේශපාලන විසඳුමක් බව ද කම්බෝජ් පැවසීය.

සටන් විරාම ගිවිසුම් සද්භාවයෙන් ක්‍රියාවට නැංවීම සඳහා යේමනයේ රජය දක්වන කැපවීම සාදරයෙන් පිළිගන්නා බවත් යුද්ධයට සම්බන්ධ පාර්ශ්වයන් ගැටුමට මානව කේන්ද්‍රීය ප්‍රවේශයක් ගැනීමට කාලය පැමිණ ඇති බවත් ඇය සදහන් කළාය.

සටන් විරාමය අලුත් කිරීම පිළිබඳ සාකච්ඡා පිළිබද සතුටුදායක එකඟතාවයකට ඉක්මනින් එළඹෙනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වෙන බව බව ද ඇය පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles