ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඉම්රාන්ගෙන් කුමන්ත්‍රණ චෝදනාවක්

0
1039
FILE PHOTO: Pakistani Prime Minister Imran Khan speaks during an interview with Reuters in Islamabad, Pakistan June 4, 2021. REUTERS/Saiyna Bashir/File Photo

පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ප්‍රධානී ඉම්රාන් ඛාන්, මැයි 9 දා ප්‍රචණ්ඩ විරෝධතා අතරතුර සමහර ප්‍රදේශවල ගිනි තැබීම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් වග කිව යුත්තේ තම පාක්ෂිකයන් මෙන් පෙනී සිටිමින් කටයුතු කළ කුමන්ත්‍රණකරුවන් පිරිසක් බවට චෝදනා කළ අතර ෂෙබාස් ෂරීෆ්ගේ වත්මන් ආණ්ඩුව මර්දනය සාධාරණීකරණය කිරීම සඳහා තම පක්ෂයට දොස් පවරා ඇති බව පැවසීය.

“ගිනි තැබීම් සහ සමහර ස්ථානවල වෙඩි තැබීම් සිදු කළේ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ක්‍රියා කළේ කුමන්ත්‍රණකරුවන් විසින් බවට ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට අපට ඕනෑ තරම් සාක්ෂි තිබේ,” ඛාන් වීඩියෝ පණිවිඩයක් හරහා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඛාන් කියා සිටියේ “සංවිධානාත්මක කුමන්ත්‍රණයක්” යටතේ රජයේ ගොඩනැගිලි සහ ලාහෝර් හමුදා ප්‍රධානියාගේ නිවස කොල්ලකෑ බවයි.

පීටීඅයි විරෝධතාකරුවන් අතරට අපරාධකරුවන් රිංගා තම පාක්ෂිකයන් උසිගන්වා ඇති බව ඔහු කීවේ, එහි වීඩියෝ සාක්ෂි පක්ෂය සතුව ඇති බවද පවසමින්.

“මට [විනාශකාරී ක්‍රියාවන් ගැන] ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි..,” ඔහු පැවසුවේ, මේ සියල්ල සිදු කරන්නේ තම පක්ෂය තහනම් කිරීමට සහ සියලුම නායකයින් සිරගෙවල් පිටුපස තැබීමේ “ලන්ඩන් සැලැස්ම” යටතේ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here