Saturday, April 20, 2024

දරුවන් බිහි කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීමට චීනයෙන් විශේෂ ව්‍යාපෘති

රටේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දරුවන් බිහි කිරීමේ මිත්‍රශීලී පරිසරයක් ඇති කිරීමට අවධානය යොමු කර ඇති චීන බලධාරීන් චීනයේ නගර 20 කට වැඩි ගණනක නියමු ව්‍යාපෘති දියත් කිරීමට නියමිතයි.

විවාහයන් ප්‍රවර්ධනය කිරීම, සුදුසු වයස්වලදී දරුවන් ලැබීම, දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් බෙදා ගැනීමට මාපියන් දිරිමත් කිරීම සහ ඉහළ මංගල්‍යය වියදම් සහ අනෙකුත් යල් පැන ගිය චාරිත්‍ර වාරිත්‍ර සීමා කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවයි ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබුණේ.

නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නගරවලට නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වන Guangzhou සහ චීනයේ Hebei පළාතේ Handan යන නගර ද ඇතුළත් වනවා.

චීනයේ පවුල් සැලසුම් සංගමය 2022 වසරේ සිට බීජිං ඇතුළු නගර 20ක මෙම ව්‍යාපෘති දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මෙම ව්‍යාපෘති පැමිණෙන්නේ බදු සහන, නිවාස සහනාධාර සහ තුන්වන දරුවා බිහිකිරීම සඳහා නොමිලේ හෝ සහනාධාර සහිත අධ්‍යාපනය ඇතුළුව දරුවන් බිහි කිරීම සඳහා ජනතාව පෙළඹවීම සඳහා චීනයේ විවිධ පළාත් යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග රාශියක් මධ්‍යයේයි.

චීනය 1980 සිට 2015 දක්වා එක් දරු ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාවට නංවා තිබුණා.

ඒ අනුව දශක හයකට පසු චීනයේ ප්‍රථම ජනගහන පහත වැටීම සහ වේගවත් වයස්ගත වීමක් වාර්තා වූ අතර ඒ ගැන චීන බලධාරීන් කනස්සල්ලට පත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles