ඊශ්‍රායලය පිළිගැනීමට පාකිස්ථානයට නියම කර ඇතැයි ඉම්රාන් ඛාන්ගෙන් චෝදනා

0
543
Pakistan's Prime Minister Imran Khan speaks during a joint news conference with Afghan President Ashraf Ghani (not pictured) at the presidential palace in Kabul, Afghanistan November 19, 2020. REUTERS/Mohammad Ismail - RC2C6K9V0433

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් හේතුවෙන් තමා ධුරයෙන් නෙරපා හැරීම සිදු වූ බවට චෝදනා කරමින් සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නව අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ආණ්ඩුවට තවත් චෝදනාවක් එල්ල කර තිබේ.

පාකිස්ථාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් මහජන රැලියකදී කියා සිටියේ වත්මන් පාලකයින් රටේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඇමරිකාව විසින් ඔවුන්ට ඊශ්‍රායලය පිළිගැනීමට පවරා ඇති බවත්ය.

කාශ්මීර ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සම්මුතියක් ඇති කර ගැනීමටත් ඇමරිකාව විසින් නව ආණ්ඩුවට පවසා ඇතැයි ද ඉම්රාන් චෝදනා කළ බව ඩෝන් පුවත්පත වාර්තා කළේය.

තමන් කිසිවිටෙකත් වහල්ලුන්ගේ ආණ්ඩුව පිළිගන්නේ නැති බව එහිදී පැවසූ ඉම්රාන් වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාව විසින් අණ කරන සෑම දෙයක්ම කිරීමට වර්තමාන පාලකයන් සූදානම් බවයි.

තම ආණ්ඩුව අඩු මිලට පෙට්‍රල් ආනයනය කිරීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට එළඹ ගෙන සිටි නමුත් බලයට පැමිණි රජය එම ගිවිසුම අහෝසි කළේ එක්සත් ජනපද පරිපාලනයට බියෙන් බවත් එම නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කර ඇති බවත් එහිදී ඔහු කියා සි‍ටියේය.

කෙසේවෙතත්, පකිස්තානය සහ ඊශ්‍රායලය අතර කිසිදු නව දේශපාලන සබදතා වර්ධනයක් සිදුව නැති බව පකිස්තාන විදේශ අමාත්‍යංශ කාර්යාලය පවසා තිබේ.

මේ අතර, සැළසුම් හා සංවර්ධන අමාත්‍ය අහ්සාන් ඉක්බාල් ට්විටර් පණිවුඩ මාලාවක් මගින් පාකිස්තානයේ අවුල් ජාලයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් සහ ඔහුගේ පාර්ශ්වයට දෝෂාරෝපණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here