Friday, April 26, 2024

අත්අඩංගුවට ගැනීමේ බියෙන් හොංකොං පල්ලි ටියැන්මෑන් සිහිකිරීම් අතහැර දමයි

වසර 33කට පසු ප්‍රථම වතාවට, ටියැන්මෑන් චතුරශ්‍රයේ සාමකාමී පෙළපාලිකරුවන් මර්දනය සිහිකිරීම වෙනුවෙන් පල්ලියේ පවත්වනු ලබන සේවාවන් හොංකොං හි නොපැවැත්වීමට තීරණය කර තිබේ.

1989 ජූනි 4 වැනි දින චීන රජය විසින් යුද ටැංකි සහ හමුදා යොදාගනිමින් සාමකාමී පෙළපාලිකරුවන් මර්ධනය කිරිමට කටයුතු කල අතර හොංකොං පල්ලියේ සිහිකිරීමේ සේවාවන් බීජිං හි එම මාරාන්තික මර්දනය සිහිපත් කිරීමට කතෝලික ජනතාවට වාර්ෂිකව එක්වීමට ලැබුනු අවසාන ක්‍රමයකි.

එහෙත් මේ වසරේ ඒවා අවලංගු කර ඇත්තේ විවිධ නීති හරහා එම සිහිකිරීම්වලට සම්බන්ධ වන පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි බවට මතුව ඇති තර්ජනය හේතුවෙනි.

ප්‍රජාතන්ත්‍රවාදී ගැති පෙළපාලි මැඩපැවැත්වීම සඳහා 2020 දී චීනය ජාතික ආරක්ෂක නීතියක් පැනවූ දා සිට, ඉටිපන්දම් රැගෙන සිදුකරන රැස්වීම් තහනම් කර ඇති අතර ටියනන්මෙන් කෞතුකාගාරයක් වසා දැමීමට මෙන්ම ප්‍රතිමා බිම ඇද දැමීමට ද කටයුතු කර තිබේ.

අදාළ සිහිකිරීම් සිදු කරන සංවිධායකයින් පැවසුයේ හොංකොං හි කිසිදු නීතියක් කඩ කිරීමට අවශ්‍ය නැති බැවින් එම සිහිකිරීම් අවලංගු කල බවයි.

1989 මර්දනය ගැන සාකච්ඡා කිරීම චීනය තුළ තහනම් වන නමුත් අර්ධ ස්වයංපාලන හොංකොංහි මෙම ඉතිහාසය සම්බන්ධ කරැණු ඉගැන්වීමට පවා පියවර ගෙන තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles