Friday, April 19, 2024

පාකිස්ථානයේ පිටි මිල අධිකයි, මරණය ලාබයි

පාකිස්තානයේ පිටි මිල අධික නමුත් මරණය ලාභදායී බව පෙෂාවර් මුස්ලිම් පල්ලියේ පිපිරීම ගැන සඳහන් කරමින් ජමාත් ඊ ඉස්ලාමි ප්‍රධානී සිරජුල් හක් පවසයි.

පෙෂාවර් යුද හමුදා පාසලේ ඛේදවාචකය සිහිපත් කරමින් ජමාත් ඊ ඉස්ලාමි සිරාජුල් හක් ප්‍රධානියා පවසා ඇත්තේ, 2014 සිද්ධියෙන් පසු මෑතදී සිදුවූ  විශාලතම ප්‍රහාරය පෙෂාවර් මුස්ලිම් පල්ලියේ පිපිරීම බවයි.

ජනවාරි 30 දා, ‘සෝර්’ යාඥාව අතරතුර දැඩි ආරක්‍ෂාවක් සහිත ස්ථානයක් වූ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් සිදුකල පිපිරීමකින්, එම අවස්ථාවේ යාඥා කරමින් සිටි බැතිමතුන් මත වහලයේ කොටසක් කඩා වැටී තිබේ.

පල්ලියේ සුන්බුන්වලින් සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම පසුගිය අඟහරුවාදා අවසන් වීමත් සමඟ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 221 දක්වා ඉහළ ගොස් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles