Saturday, July 27, 2024

ඉන්දු – ඕස්ට්‍රේලියා ආරක්ෂක හවුල්කාරීත්වය දැඩි කර ගැනීමට සාකච්ඡා

ඉන්දියා-ඕස්ට්‍රේලියා ආරක්ෂක ප්‍රතිපත්ති සාකච්ඡාව කැන්බරා හිදී පැවැත්විණි.
එහිදී දෙපාර්ශවය ආරක්ෂක උපකරණ සම-සංවර්ධනය සහ සම-නිෂ්පාදනයේ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සහ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.
ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ලේකම් ශුක්ලා වර්මා සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය ලේකම් ස්ටීවන් මුවර් විසින් ආරක්ෂක ප්‍රතිපත්ති සාකච්ඡාවේ සම මුලසුන දැරීය.
අටවැනි වරට පැවති සාකච්ඡා අතරතුර, දෙපාර්ශවය දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව සමාලෝචනය කළ අතර ද්විපාර්ශ්වික ආරක්ෂක කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සහ පුලුල් කිරීම සඳහා නව මුල පිරීම් ගවේෂණය කරන ලදී.
ආරක්ෂක උපකරණ සම-සංවර්ධනය සහ සම-නිෂ්පාදනය තුළ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ ක්‍රම හඳුනා ගැනීම කෙරෙහි ද සාකච්ඡාවන්හි අවධානය යොමු විය.
නැව් තැනීමේ සහ නඩත්තු කිරීමේ සැලසුම්වලදී ඕස්ට්‍රේලියානු සන්නද්ධ හමුදාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව සහ ඉන්දීය ආරක්ෂක කර්මාන්තයේ විභවය ඉන්දීය පාර්ශවය විසින් ඉස්මතු කරන ලදී.
ඉන්දියාව – ඕස්ට්‍රේලියාව 2020 ජුනි මාසයේ සිට විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් පවත්වාගෙන අතර ආරක්‍ෂාව මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන කුළුණකි.
ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ හවුල්කාරිත්වය පදනම් වී ඇත්තේ නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ හවුල් දැක්මක් මත ය.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක සමස්ත කලාපයේම සාමය සහ සමෘද්ධිය කෙරෙහි පොදු උනන්දුවක් දක්වති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles