ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ දීප්තිමත් ස්ථානයක – IMF කියයි

0
401

ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ දීප්තිමත් ස්ථානයක පසුවන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) විසින් පෙන්වාදී ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේය.

මධ්‍ය ප්‍රදේශ්හිදී පසුගියදා පැවැති ගෝලීය ආයෝජකයන්ගේ සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් මෝදි පැවසුවේ සංවර්ධිත ඉන්දියාවක් ගොඩනැගීමේ කාර්යභාරය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

ලොව වෙනත් බොහෝ රටවලට වඩා ගෝලීය ප්‍රශ්න සමඟ කටයුතු කිරීමට ඉන්දියාව ඉදිරියෙන් සිටින බව ලෝක බැංකුව විසින්ද පෙන්වාදී ඇතැයි අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විවිධ ගෝලීය ආයතන විසින් ප්‍රකාශ කරන ලද ඉන්දීය ආර්ථිකය පිළිබඳ ශුභවාදී හැඟීම් සඳහා රටේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය, තරුණ ජන විකාශනය සහ දේශපාලන ස්ථාවරත්වය හේතුවී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ආදී ගෝලීය ආයතන කිහිපයක නිරීක්ෂණ උපුටා දක්වමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, ගෝලීය ආර්ථිකය නිරීක්ෂණය කරන ආයතන සහ විශ්වසනීය ප්‍රකාශ විසින් ඉන්දියාව කෙරෙහි පෙර නොවූ විරූ විශ්වාසයක් ලබාදී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here