ඉරානයේ චාබහාර් වරාය ඉන්දියාව විසින් සංවර්ධනය කෙරේ.

0
438

ඉරානයේ චබහාර් වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍ය සර්බානන්ද සොනොවාල් සදහන් කර තිබේ.

ඉරානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක දී අමාත්‍යවරයා චබහාර් වරායේ සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීමට එහි ගිය අතර, වරාය ක්‍රියාත්මක කරන සමාගම වන Indian Ports Global Chabahar Free Trade Zone (IPGCFTZ) වෙත ජංගම වරාය දොඹකර හයක් ද භාර දී ඇත.

2016 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉරාන සංචාරයේ දී චබහාර් වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව ඔහු පැවසීය.

මධ්‍යම ආසියාව, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර කලාපීය වෙළඳාමේ වෙළඳ විභවයන් විවෘත කිරීම සඳහා චබහාර් වරායේ උපායමාර්ගික කාර්යභාරය ඉතා විශාල බව ඔහු සදහන් කළේය.

මෙය කලාප දෙක අතර වඩාත් ප්‍රචලික වෙළෙඳ මාර්ගය බවට පත් කිරීමට ඉන්දියාව අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

මේ අතර India Ports Global Pvt Ltd (IPGPL) ඉරානයේ සහීඩ් බෙහෙශ්ටි වරායේ මෙහෙයුම් භාරගත් දා සිට, එය තොග භාණ්ඩ ටොන් මිලියන 4.8 කට අධික ප්‍රමාණයක් හසුරුවා ඇති බව පැවසේ.

එහිදී , ඔස්ට්‍රේලියාව, බංගලිදේශය, බ්‍රසීලය, ජර්මනිය, ඕමානය, රුමේනියාව, රුසියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යුක්රේනය සහ උස්බෙකිස්තානය ඇතුළු විවිධ රටවලින් භාණ්ඩ ප්‍රවාහනය කර ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here