Saturday, May 18, 2024

චීනය වෙනුවට ඉන්දියාව නේපාලයේ ජලවිදුලි බලාගාර සංවර්ධනයට

නේපාලයේ බටහිර ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සමාගමක් වන NHPC සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව නේපාල බලධාරීහු පවසති.

ඒ චීන සමාගමක් එම බලාගාරය ඉදිකිරීමේ තීරණයෙන් ඉවත්වීමෙන් වසර ගණනාවකට පසුව වීම විශේෂත්වයකි.

නේපාලය ඩොලර් බිලියන 13 කට වඩා වැඩි වෙළඳ හිඟය අඩු කිරීම සඳහා එහි ආර්ථිකය දියුණු කිරීමට සහ විදුලිය අපනයනය කිරීමට විදේශීය ආයෝජකයන් වෙත මෙගාවොට් 42,000 කට වඩා වැඩි ජලවිදුලි බලයක් ජනනය කිරීමේ ඒකාබද්ධ විභවයක් ඇති බව සලකන සිය ගංගා විවෘත කර ඇත.

නේපාල නිලධාරීන් පැවසුවේ ඉන්දියාවේ NHPC පුද්ගලික සමාගම පසුගිය බ්‍රහස්පතින්දා ව්‍යාපෘති දෙකක් සඳහා වන ඉදිකිරීම් පිරිවැය, ශක්‍යතාව, පාරිසරික බලපෑම, ඉඩම් ජලයෙන් යටවීම අධ්‍යයනය කිරීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවයි.

මෙම බලාගාර දෙකම නේපාලයේ බටහිර කලාපයේ බටහිර සෙටි ගඟ ආශ්‍රිතව පිහිටුවීමට නියමිතයි.

චීනයේ විශාලතම ජල විදුලි සංවර්ධකයා වන ත්‍රී ගෝර්ජස් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් බටහිර සෙටි බලාගාරය සංවර්ධනය කිරීමට සූදානමින් සිටි නමුත් නේපාලය 2017 දී ගිවිසුම අවලංගු කළේ කොන්දේසි පිළිබඳ කේවල් කිරීම මධ්‍යයේ බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles