ඇෆ්ගනිස්ථානයට ඉන්දියාවෙන් තවත් තිරිඟු මෙට්‍රික් ටොන් 10,000ක්

0
319

තවත් තිරිඟු මෙට්‍රික් ටොන් 10,000ක් ඇෆ්ගනිස්ථානයට පරිත්‍යාග කිරීම සදහා වන ගිවිසුමකට ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සමඟ අත්සන් තබා තිබේ.

ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට තිරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ලබා දීමට නියමිත අතර මේ වන විට තිරිඟු මෙට්‍රික් ටොන් 10,000ක පළමු කොටස ඇෆ්ගනිස්තානයට ලබා දී ඇත.

ඒ අනුව , මීළඟ තිරිඟු මෙට්‍රික් ටොන් 10,000 ක තොගයට අදාළව මෙම ගිවිසුම අත්සන් තබා ඇති අතර මේ වන විට එම තොගය බෙදාහැරීම සදහා වන මූලික කටයුතු ආරම්භ කර තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමත් සමග ආර්ථික ව්‍යාකූලත්වයකට සහ ආහාර හිඟයකට මුහුණ දීමට ඇෆ්ගනිස්ථානයට සිදු වී ඇති අතර එහිදී ඇෆ්ගනිස්ථාන ජනතාවගේ මානුෂීය අවශ්‍යතා සඳහා ආධාර සැපයීමට ඉන්දියාව ද ඉදිරිපත්ව සිටියි.

ඒ අනුව ඉන්දියාව තිරිඟු මෙට්‍රික් ටොන් 50,000 ක්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මෙන්ම කොවිඩ් එන්නත් මාත්‍රා 500,000 ක් ද ඇෆ්ගනිස්තානය වෙත ලබා දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here