Saturday, April 27, 2024

ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීම අන් කවරදාටත් වඩා වැදගත් බවට බ්‍රිතාන්‍යයෙන් ප්‍රකාශයක්

යුක්රේනයේ අර්බුද හමුවේ ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීම අන් කවරදාටත් වඩා වැදගත් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලීස් ට්‍රස් පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරැව ඇය මේ බව සදහන් කළාය.

සමාන අදහස් ඇති ජාතීන් එකට වැඩ කිරීමේ අවශ්‍යතාවය යුක්රේන අර්බුදය විසින් ඉස්මතු කර පෙන්වන බව ද විදේශ ලේකම්වරිය එහිදී පැවසුවාය.

රුසියානු ජනාධිපති පුටින්ගේ යුක්රේන ආක්‍රමණය නිසා වඩාත් අනාරක්ෂිත ලෝකයක ජීවත්වන හෙයින් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම වඩා වැදගත් වන බව සදහන් කළ ඇය රුසියාවට සම්බාධක පැනවීම ඉතා වැදගත් යැයි තමන් සිතන බව ද ප්‍රකාශ කළාය.

කෙසේවෙතත්, ඉන්දියාව රුසියාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී පවා රුසියාවට එරෙහි යෝජනාවලට ඡන්දය දීමෙන් වැළකී සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles