ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා යළි අරඹයි

0
476

ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) වසර 9 ක විරාමයකින් පසු නිදහස් වෙළඳ ගිවිසුම (FTA) සඳහා නැවත සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ජුනි 17 වන දින බ්‍රසල්ස් හි යුරෝපා සංගම් මූලස්ථානයේ පැවති උත්සවයකදී සාකච්ඡා නැවත ආරම්භ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ යුරෝපීය කොමිසමේ විධායක උප සභාපති වැල්ඩිස් ඩොම්බ්‍රොව්ස්කිස් විසින් ඉන්දියාව-යුරෝපා සංගමය නිල වශයෙන් නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එක්වූහ.

ඊට අමතරව, ස්වාධීන ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් සහ භූගෝලීය දර්ශක ගිවිසුමක් සඳහා ද සාකච්ඡා දියත් කර ඇති බව සදහන් වේ.

ඉන්දියා-යුරෝපා සංගමයේ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡාවල පළමු වටය ජුනි 27 වැනිදා නවදිල්ලියේදී ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජනපදයට පසුව යුරෝපා සංගමය එහි දෙවන විශාලතම වෙළඳ හවුල්කරු වන බැවින් මෙය ඉන්දියාව සඳහා වඩාත්ම වැදගත් නිදහස් වෙළඳ ගිවිසුම් වලින් එකක් වනු ඇති බව විශ්වාස කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here