උස්බෙකිස්ථාන විරෝධයකදී මියගිය උද්ඝෝෂකයන් වෙනුවෙන් ඉන්දියාව කට අරියි

0
417

පසුගියදා උස්බෙකිස්ථානයේ කර්කාල්පාක්ස්ටාන් ප්‍රාන්තයට ස්වාධීනත්වය ලබාදෙන මෙන් ඉල්ලා පැවැති පොදු ජන උද්ඝෝෂණයට එල්ලවූ ප්‍රහාරයෙන් මරණයට පත්වූ උද්ඝෝෂකයන්ගේ පවුල් හි සාමාජිකයන්ට ඉන්දීය රජයේ ශෝකය පළකර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ කර්කාල්පාක්ස්ටාන් ප්‍රාන්තයේ ජනතාව විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන් ඉන්දීය රජය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවයි.
එරට තුළ සිදුවන නව වෙනස්කම් මොනවාද යන්න සම්බන්ධයෙන් තම රජය පූර්ණ අවධානයෙන් පසුවන බව ද එම නිවේදනයේ දැක්වේ.
එසේම ඔවුන් උස්බෙකිස්ථාන රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ පවතින ගැටලු සාමකාමීව හා ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
පසුගියදා එරට ව්‍යවස්ථාවට කර්කාල්පාක්ස්ටාන් ප්‍රාන්තයේ ස්වාධීනත්වය පිළිබඳ වගන්ති ඇතුළත් කිරීමට යෝජනාවී තිබූ නමුත් අවසන් මොහොතේ උස්බෙකිස්ථාන රජය විසින් එය අත්හිටුවනු ලැබිණි.
ඒ සම්බන්ධයෙන් උරණ වූ උද්ඝෝෂකයෝ එහි ප්‍රාදේශීය ආණ්ඩුවට අයත් ගොඩනැගිල්ලක් අත්පත් කරගන්නට යාමේදී ඇතිවූ ගැටුමකින් උද්ඝෝෂකයන් 18 ක් මරණයට පත්වී 243 ක් තුවාල ලැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here