Saturday, May 4, 2024

චීනය ගැන අන්තර්ජාතික ඔත්තු සේවා වෙතින් ව්‍යාපාරික නායකයින්ට අනතුරු ඇගවීමක්

චීන රජයෙන් එල්ල වන තර්ජනය පිළිබඳව දැනුවත්ව සිටින ලෙස ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ සහ එක්සත් රාජධානියේ MI5 ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ජනරාල් කෙන් මැකලම් අන්තර්ජාතික ව්‍යාපාරික නායකයින් වෙත අවධාරණය කර තිබේ.

චීනය විසින් සිදුකරන ආයතනික රහස් සොරකම් කිරීම් වැළැක්වීමට රජයේ ආයතනවලට උදව් කරන ලෙස ද ඔවුන් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

ලන්ඩනයේ ව්‍යාපාරික නායකයින් අමතමින් වේරේ පැවසුවේ, ඇමරිකා, එක්සත් රාජධානිය සහ යුරෝපයේ මිත්‍ර රාජ්‍යයන්හි ආර්ථික හා ජාතික ආරක්ෂාවට විශාලතම දිගුකාලීන තර්ජනය එල්ල කරන්නේ චීන රජය බව ඔවුන් නිරන්තරයෙන් දැන සිටින බවයි.

චීන රජය බටහිර ව්‍යාපාරවලට බරපතල තර්ජනයක් එල්ල කරන බව ද ඔහු එහිදී පැවසීය.

චීන රජය ඔබේ තාක්‍ෂණය සොරකම් කිරීමට සූදානම්ව සිටින බවත්, ඔවුන් එය කිරීමට ඔවුන් සතුව ඇති සෑම මෙවලමක්ම භාවිතා කිරීමට සූදානම්ව සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

ආර්ථික වාසියක් ලබා ගැනීම සඳහා හිමිකාර තොරතුරු අනවසරයෙන් ඇතුළු කර සොරකම් කිරීමේ දිගුකාලීන පුරුද්දක් චීන රජය සතුව ඇති බවත් මෙම ගැටලු විසඳීම සඳහා හවුල්කාරිත්වයේ වැදගත්කම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles