ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර එකගතාවයක්

0
366

ඉන්දියාව සහ යුරෝපා සංගමය, මානව හිමිකම් ආරක්ෂකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ නිදහස, ස්වාධීනත්වය සහ විවිධත්වය ආරක්ෂා කිරීමට එකඟ වෙමින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා වටයක් සාර්ථකව අවසන් කර තිබේ.

අන්තර්ජාල සහ නොබැඳි මාධ්‍ය දෙකෙහිම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව ද දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන්දියාව සහ යුරෝපා සංගමය සියලු මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කළ බව ද එහි දැක්වේ.

මෙහිදී ඉන්දියාව සහ යුරෝපා සංගමය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්, සුළු ජාතීන්ට සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට අයත් පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, ආගමික හෝ විශ්වාසයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, කාන්තා සවිබල ගැන්වීම, ළමා අයිතිවාසිකම් පිළිබඳ අදහස් හුවමාරු කර ගත් පැවසේ.

මෙහිදී යුරෝපා සංගමය, ඉන්දියාව තවදුරටත් මරණීය දණ්ඩනය පවත්වාගෙන යාම පිළිබද සිය විරුද්ධත්වය යළිත් අවධාරණය කර තිබේ.

සංවර්ධනය සඳහා ඇති අයිතිය සෑම රටකම සැමට අදාළ වන සුවිශේෂී සහ මූලික මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම පිළිබඳ ඉන්දියාව සිය ස්ථාවරය නැවත මෙහිදී අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here