Thursday, May 2, 2024

ඉන්දියාවේ සමුලුවලට පාකිස්තානයට ඇරියුම්

ජූලි මස මුල් සතියේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුවට පෙර, ස්වදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ,ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සහ ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ රැස්වීමට සහභාගී වන්නැයි ඉන්දියාව, පාකිස්තානයට ආරාධනා කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහභාගී වීමට නියමිත රාජ්‍ය සමුළුව සඳහා ඉන්දීය රජය නුදුරේදීම පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්ට ද ආරාධනාවක් යවනු ඇත.

මෙම ආරාධනා කිරීම ෂැංහයි සහයෝගීතා ප්‍රඥප්තියට අනුකූල වන අතර, අනාරක්ෂිතව පවතින ද්විපාර්ශ්වික සබඳතා සමඟ මෙම ආරාධනයේ කිසිදු සම්බන්ධයක් නැතැයි නිල මූලාශ්‍ර පවසයි.

පාකිස්තානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානය බව ඉන්දියාව දිගින් දිගටම කියා සිටින නමුත් ඉන්දීය රජය ත්‍රස්ත විරෝධී අභ්‍යාස සඳහා පකිස්ථානයට ආරාධනා කළා පමණක් නොව, ෂැංහයි සහයෝගීතාව යටතේ පාකිස්තානය එවැනි අභ්‍යාසවලට සහභාගී වීමට නියෝජිතයන් ද යවා තිබේ.

රාජ්‍ය නායක සමුලුවට පැමිණෙන කිසිදු පාකිස්තාන නායකයෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සඳහා යෝජනාවක් නොමැති බවද නිල ආරංචි මාර්ග පවසයි.

පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ මැයි මාසයේ ගෝවේ දී පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වන බව මෙතෙක් තහවුරු කර නොමැත.

පසුගියදා පැවති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ අගවිනිසුරුවරුන්ගේ රැස්වීමට පකිස්තානය සහභාගී නොවිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles