දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රධානියා ඉන්දියාවෙන්

0
366

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ (UNMISS) නව බලසේනාධිපති ලෙස ඉන්දියාවේ ලුතිනන් ජෙනරාල් මොහාන් සුබ්‍රමනියම් පත් කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් නිවේදනය කර තිබේ.

ලුතිනන් ජෙනරාල් සුබ්‍රමනියන් ඉන්දියාවේ ලුතිනන් ජෙනරාල් ශයිලේෂ් තිනයිකාර්ගෙන් පසුව එම තනතුරට පත් වී ඇත.

එක්සත් ජාතීන්ගේ බලකායේ අණදෙන නිලධාරියා ලෙස ඔහුගේ කැපවීම, අමිල සේවය සහ ඵලදායී නායකත්වය වෙනුවෙන් ගුටරෙස් තිනායිකාර් වෙත සිය කෘතඥතාව පළ කර තිබේ.

ලුතිනන් ජෙනරාල් සුබ්‍රමනියම් හට ඉන්දීය හමුදාව සමඟ වසර 36 ක කීර්තිමත් හමුදා දිවියක් පවතී.

ජනරාල් සුබ්‍රමනියම් වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජයේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශක ලෙස සහ සියෙරා ලියොන් හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙසද සේවය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here