ඉන්දියාව සහ ඕමානය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වේ

0
324

වෘත්තීය අන්තර්ක්‍රියා සහ ඒකාබද්ධ අණදීමේ සහ පාලන ව්‍යුහයන් පිහිටුවීම ඇතුළත් ඉන්දියාව සහ ඕමානය ඒකාබද්ධව සිදු කළ ‘අල් නජා’ හමුදා අභ්‍යාසය හි සිව්වන අදියර පසුගියදා අවසන් විය.

අභ්‍යාසය අගෝස්තු 1 වැනිදා ආරම්භ වූ අතර දින 13 ක ඒකාබද්ධ අභ්‍යාසය රාජස්ථානයේ බිකානර් හි මහාජන් ක්ෂේත්‍ර වෙඩි තැබීමේ කඳවුරේදී පවත්වන ලද අතර, ඕමාන් සුල්තාන් පැරෂුට් රෙජිමේන්තුවේ 60 දෙනෙකු සහ ඉන්දීය හමුදාවේ 18 වන යාන්ත්‍රික පාබල බලඇණියේ භට පිරිස් ඊට සහභාගී වූහ. .

මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය මගින් දෙරට අතර අවබෝධය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හැකි වූ බව ඉන්දීය හමුදාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම යුද අභ්‍යාසය දෙපිලටම තම අත්දැකීම් හුවමාරු කර ගැනීමට කදිම වේදිකාවක් සැපයූ බව යුද හමුදා නිලධාරියෙක් පැවසීය.

‘අල් නජා’ හමුදා අභ්‍යාසය හි මින් පෙර අදියර 2019 මාර්තු 12 සහ 25 අතර මස්කට් හිදී පවත්වන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here