Friday, April 19, 2024

ඉන්දියාවේ අන්තර්ජාල වෙළඳපල විකුණුම් ඩොලර් බිලියන 350 දක්වා තුන් ගුණයකින් ඉහළ යනු ඇති බවට වාර්තා

අඛණ්ඩ ආයෝජක සහාය මත ඉන්දියාවේ අන්තර්ජාල වෙළඳපලවල විකුණුම් 2022 වසරේ ඩොලර් බිලියන 100 සිට 2027 වර්ෂයේ දී ඩොලර් බිලියන 350 දක්වා තුන් ගුණයකින් වැඩි වනු ඇති බවට වාර්තා පළවී තිබේ.

ඒ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන ඇක්සල් සහ කළමනාකරණ උපදේශන සමාගමක් වන බේන් විසින් කරන ලද වාර්තාවකට මගිනුයි.

ඊ-වාණිජ්‍යය, ෆින්ටෙක්, එඩ්ටෙක් සහ ආහාර බෙදා හැරීම ඇතුළු වෙළඳපල ස්ථාන සඳහා අරමුදල් යෙදවීම මේ වසරේ මුල් මාස 10 තුළ ඩොලර් බිලියන 4.5 දක්වා සියයට 68 කින් පහත වැටී ඇති බව අදාළ වාර්තා වේ.

මේ අතර, ඇමසන් සහ ෆ්ලිප්කාට් වැනි ප්‍රධාන ඊ-වාණිජ්‍යය සැපයුම්කරුවන් නව ක්ෂේත්‍රවල ආයෝජන සඳහා වන වියදම් නවතා ඇති බව ද සදහන් වේ.

අන්තර්ජාල වෙළඳපලවල් ඩොලර් බිලියන 400 සිට ඩොලර් බිලියන 500 දක්වා ව්‍යවසාය වටිනාකමක් නිර්මාණය කිරීමටත්, මිලියන 400 සිට මිලියන 450 දක්වා අන්තර්ජාල පාරිභෝගිකයන් වෙත ළඟා වීමටත්, මිලියන 15 කට වැඩි මධ්‍යම පරිමාණ වයවසායකයින් හට අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර වර්ධනය කිරීමටත්, 2027 වන විට රැකියා මිලියන 7 ක් නිර්මාණය කිරීමටත් සැලසුම් කර ඇති බව දැක්වේ.

මෙය විවිධ කාණ්ඩ හරහා වෙළඳපල ස්ථාන 300කට වඩා වැඩි ප්‍රමාණයකින් සාර්ථක වෙළඳපල වපසරියක් ඇති කරගැනීමට ඉන්දියාවට උපකාරී වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles