ඉන්දියාවේ ජනතාවගෙන් ඇෆ්ගනිස්තානයේ ජනතාවට යැවෙන තෑග්ග

0
293

ඉංග්‍රීසි, පෂ්තුන් සහ ඩාරි යන භාෂාවලින් “ඉන්දියාවේ ජනතාවගෙන් ඇෆ්ගනිස්ථානයේ ජනතාවට තෑග්ගක්” යනුවෙන් මුද්‍රණය කරන ලද මලුවල අසුරන ලද තිරිඟු ආධාර මෙට්‍රික් ටොන් 2500ක් රැගත් ට්‍රක් රථ 50ක් ඉන්දියාවේ සිට ඇෆ්ගනිස්ථානය වෙත යවා තිබේ.

පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයට ගොඩබිම් මාර්ග ඔස්සේ තිරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ආධාර ලෙස යැවීමට ඉන්දියාව පසුගියදා තීරණය කරනු ලැබිණ.

අදියර කිහිපයක් යටතේ සති කිහිපයකින් මෙම තිරිගු තොග ඇෆ්ගනිස්තානය වෙත යැවීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

ඇෆ්ගන් ජනතාවට මානුෂීය ආධාර ලබාදීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේද සහයෝගයෙන් ඉන්දියාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here